මංගලගම – කොහොඹගස්තලාව ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
වන අලියා පහර දීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ගොනාගොල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 59 ක් වු 24 කණුව, මංගලගම ලිපිනයේ පදිංචි වෑදිවෙල මුදියන්සේලාගේ නන්දසිරි නැමැති අයෙකි.
මෘත ශරීරය ගොනාගොල්ල රෝහලේ තැන්පත් කර ඇත.



