සුළු අපනයන බෝග වගාකරුවන් නගා සිටුවීම සඳහා සුළු අපනයන බෝග වගා අධිකාරියක් නිර්මාණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අකුරැස්ස ප්‍රදේශයේ ඊයේ (07) සවස පැවති ජනරැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
තමා ජනාධිපති වු පසු සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් කට්ටල 2ක්, සපත්තු කුට්ටමක් හා දිවා ආහාරය අනිවාර්යයෙන්ම ලබා දෙන බව ඒ මහතා පැවසීය.
එසේම ත්‍රී රෝද රථ රියදුරන්ට ලක්ෂ 3ක ඇප රහිත ණය ලබා දෙන බවත් ඒ ත්‍රිරෝද රථ රියදුරන්ට දැවැන්ත ආර්ථික ශක්තියක් එකතු කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



