TNA සහාය ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

Share

දෙමළ ජාතික සන්ධානය රට බෙදීමට සහාය වන අයට සිය සහාය ලබා දී ඇති බවට ඔවුන් නිකුත් කළ නිවේදනයෙන් පැහැදිලි වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රත්නපුරයේ පැවැති ජන හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා.

“අපි අභියෝග භාරගත් අභියෝග ජයගත් කණ්ඩායමක්. අපිත් එක්ක වැඩ කළ හැකි කණ්ඩායමක් සිටින්නේ. මම මට භාර දුන්න වැඩ සියල්ලම ඉටු කර තිබෙනවා.

ආරක්ෂක ලේකම් වශයෙන්, නාගරික සංවර්ධන ලේකම් වශයෙනුත් මට භාර දුන් වගකිම් ඉටු කළා. මම ඇමැතිවරයෙක් වෙලා හිටියේ නැති වුනත් මගේ බාරදුන්න වගකිම් ඉටු කළා. රජයක බලවත් ඇමැතිවරයෙක්ව සිට කියන දේවල් කරන්නේ නැතිව ජනාධීපතිකම ලැබුනොත් ඒවා කරනවා කියනවා නම් ඒක විශ්වාස කරන්න බැරි විහිලූවක්.

තමා ඇමැති මණ්ඩලයේ සාමාජකයෙක් වෙලා ඉඳන් සාමුහික වගකිම දරන අතරේ පොලිසියේ ප‍්‍රධානතම නිලධාරියා නිතිය නවන්න සුදානම් වන අවස්ථාවක, නීති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් නිති කඩන්නත් හදන්නත් පුලුවන් බව කියන අවස්තාවක රජයේ ප‍්‍රබල අමත්‍යවරයෙක් ඇවිත් නිතියේ ආධිපත්‍ය තහවුරු කරනවා කියනවා නම් ඒක විහිලුවක්.

සමාජ මාධ්‍යවල බොරු ගොතලා ජනතාව මුලා කරන විශාල අභූත චෝදනා කරමින් නැවතත් ජනතාව මුලා කරන්න උත්සාහ කළාට බුද්ධිමත් ජනතාව මුලා වෙන්නේ නැහැ.

දෙමල ජාතික සන්ධානය රට බෙදීමට සහාය දෙන අයට සහාය දෙන බව ඔවුන් නිකුත් කර ඇති නිවේදනයෙන් පැහැදිලියි.

ඒ වචනවල කිසිදු අර්ථයක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඔවුන් කතා කළාට අපි තමයි වසර 30ට පසුව උතුරේ පළාත් සභා මැතිවරණය පවත්වලා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කළේ.

ආයුද සන්නද්ධ කණ්ඩායම්වල ආයුධ ඉවත්කරලා සංවර්ධනය ඇති කළා. මේවා ගැන කතා කරන්නේ නැහැ. ඒ පළාත්වල සාමයෙන් ඉන්න, දරුවන්ට පාසල් යන්න, අවස්ථාව ඇති කලා. පුද්ගලික අංශය සමග සම්බන්ධ වෙලා කර්මාන්ත ඇති කළා. ඔවුන්ට ඒ ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අයගේ සහාය හිමිවෙන්නේ රට බෙදිමට සහාය දෙන අයටයි.” යැයි පැවසීය.

Read more

Local News