වසන්ත සේනානායක ගෝඨාභයට සහය දැක්වීමට එක්වෙයි

Share

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට එක්ව තිබේ.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පොලොනනරුවේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා එක්ව ඇති බව සදහන් වෙයි.

තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවන කෙනෙහිලිකම් ඉවසා සිටීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ඊයේ (07) දිනයේදී කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා පැවසිය.

ඒ හේතුවෙන් තමන් පක්ෂයෙන් ඉවත්ව ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට තීරණය කළ බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.

Read more

Local News