රත්ගම සහ දෙහිවල යන ප්‍රදේශවල දී නීති විරෝධී ලෙස මෙරට රැදී සිටි විදෙස් ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව රත්ගම, බූස්ස ප්‍රදේශයේ නිවසක වලංගු වීසා බලපත්‍ර නොමැතිව රැදී සිටි 26 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයෙකු අද (10) අලුයම රත්ගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.
මේ අතර 36 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකු ද දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් දෙදෙනා ගාල්ල සහ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



