පදියතලාවේ අනතුරකින් තරුණයෙක් මරුට

Share

මහියංගනය -පදියතලාව මාර්ගයේ ඔරුබැදි වැව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතල තුවාල ලබා මහියංගනය රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක්.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News