සෙල්ල කතරගම මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගනී

Share

කතරගම පොලිස් වසමේ තණමල්විල පාර, බෝගහ හන්දිය, සෙල්ල කතරගම යන ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට පිහියකින් ඇන එක් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් තොරතුරු රැසක් පොලීසිය විසින් අනාවරණය කර ගෙන තිබේ.

වෙඩි තැබීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26 ක් වු තණමල්විල පාර, ගෙස්ටුපාන, සෙල්ල කතරගම ලිපිනයේ පදිංචි එදිරි සුරියගේ ශිරාන් අරුණසිරි යන අයෙකි.

තුවාල ලබා ඇත්තේ වයස 42 ක් වු සෙල්ල කතරගම පාර, ගෙස්ටුපාන, සෙල්ල කතරගම ලිපිනයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කතරගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර තුවාලකරු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිද්ධියට සම්බන්ධ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News