ආසියා-පැසිෆික් නාවික සම්මන්ත්‍රණයේ හයවන වාර්ෂික සම්මන්ත්‍රණය 19 සිට

Share

ආසියා- පැසිෆික් නාවික සම්මන්ත්‍රණයේ හයවන වාර්ෂික සම්මන්ත්‍රණය නොවැම්බර් 19 වනදා සිට කොළඹදී ආරම්භ වීමට නියමිතව තිබේ.

නාවික යුධ කටයුතුවලට අදාල ජාත්‍යන්තර නීතින් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 21 දක්වා එම සම්මන්ත්‍රණය පැවැත්වෙන බව නාවික හමුදාව සඳහන් කළේය.

නාවික යුධ නීතිය, මුහුදේදී සිදුකරන මානුෂිය මෙහෙයුම්වල සුවිශේෂි ගති ලක්ෂණ, ඒ හා සම්බන්ධ ගැටළු මෙන්ම සමුද්‍රීය මෙහෙයුම් සිදුකළ හැකි නෛතික රාමුව පිළිබඳව එහිදී අවධානය යොමු කෙරෙන බව සඳහන්.

නාවික හමුදාව සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව එක්ව ආසියා-පැසිෆික් නාවික සම්මන්ත්‍රණය සංවිධානය කරනු ලබයි.

මේ සඳහා බංග්ලාදේශය, කාම්බෝජය, චීනය, ෆිජි, ඉන්දුනිසියාව, ජාපනය, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නවසිලන්තය, පැපුවාගිනියාව, පිලිපිනය, කොරියාව, සිංගප්පුරුව, තායිලන්තය, නැගෙනහිර ටීමෝරය, එක්සත් ජනපදයසහ වියට්නාමය යන රටවල් සහභාගීවිමට නියමිතයි.

Read more

Local News