ජනාධිපතිවරණයේ නිරික්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයින් 4000ක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි.
ඉදිරි මැතිවරණ නිරීක්ෂණ කටයුතු පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (13) කොළඹදී කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි විධායක අධ්යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසීය.
ඔක්තොම්බර් 16 දා ඡන්ද මධ්‍යස්ථන අතුළත රැදී සිටිමින් පැෆ්රල් සංවිධානයේ 3000ක ප්‍රමාණයක් ස්ථාන ගත නිරික්ෂකයින් ලෙස නිරීක්ෂණ කටයුතු සිදු කරන බව ඒ මහතා කියා සිටියේය.