හෙට, අනිද්දා වැස්ස වැඩිවෙයි

Share

නොවැම්බර් මස 15 සහ 16 යන දිනවලදී සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (14) ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

Read more

Local News