මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ (13) දින කිරිබත්ගොඩ ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1.650 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

බටහිර නාවික විධානය සහ පොලිස් සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකාය කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරීක්‍ෂණය කර, එය පරීක්‍ෂාවට ලක් කර තිබේ.

එහිදී ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් ලඟ තිබි මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත.

තවද, මෙම කේරළ ගංජා අලෙවි කිරිම සඳහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදු කල වැඩිදුර විමර්ශනයේදී මෙම පුද්ගලයින් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව හඳුනාගෙන ඇත.

එම සැකකරුවන් අවුරුදු 29, 32 සහ 47 වන වියෙහි පසුවන කැලණිය සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරුවන්, ත්‍රි‍රෝද රථය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කිරිබත්ගොඩ, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News