බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුගේ 71 වන ජන්ම දිනය අදට (14) යෙදී තිබේ.
බ්‍රිතාන්‍යයේ චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් කුමරු උපත ලැබුවේ 1948 වර්ෂයේ නොවැම්බර් 14 වන දින බකිංහැම් මන්දිරයේදීයි.
දෙවන එළිසබෙත් මහරැජිනගේ සහ පිලිප් කුමරුගේ දෙටු පුත්‍රයා වන ඔහු මහරැජිනගෙන් පසුව කිරුළට හිමිකම් කියන අනුපිළිවෙලේ පළමුවැනියා වෙයි.
චාල්ස් කුමරු තිස් දෙවන වියේදී එනම් 1981 වර්ෂයේදී විවාහ දිවියට ඇතුලත් වෙයි. ඒ ලොවේම ආදරය දිනාගැනීමට සමත්වූ ඩයනා ස්පෙන්සර් සමඟයි.