ජනපතිවරණයට ගම්බිම් යන්න ලංගම බස් 5800 ක්

Share

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් වෙත යන ජනතාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව බස්රථ 5,800ක් පමණ ධාවනයට යොදා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

කොළඹ සිට පිට පළාත් සඳහා බස් රථ 1,500ක් පමණ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච් ආර්.ඩී චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News