කලහකාරීව හැසිරුණු 5ක් ආයුධත් සමඟ අත්අඩංගුවට

Share

රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 05 දෙනෙකු ඊයේ (14) දින ආයුධ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී බෝර 12 ගිනි අවියක්, කඩුවක් සහ වක් පිහියක්ද පොලීසිය භාරයට ගෙන තිබේ.

ඔවුන් කඩිගමුව, යටිවැල්දෙණිය සහ වහව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද (15) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News