බෝයගොඩ තුංතොට මාර්ගයේ පින්දෙනිය නාලියද්ද ප්රදේශයේ දී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලීසිය පවසයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු තොරණපිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ බෝයගොඩ ප්රදේශයේ පදිංචිව සිටි 27 තරුණයෙක් බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පින්දෙනිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



