දැදිගම-කැටවලදෙනිය ප්රදේශයේ ඉඩමක පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදු කළ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
119 තොරතුරු මධස්ථානයෙන් ලද පණිවිඩකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්කොහුපිටිය, කොටියාකුඹුර, පැලවත්ත හා පාදුක්ක යන ප්රදේශවල පදිංචි 20, 49 හා 58 යන වයස්වල පසුවන්නන් වන බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (18) වරකාපොල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



