අමෙරිකානු තානාපතිනියගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම්

Share

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයෙකු තෝරාපත් කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී ටෙප්ලිස් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් එක්කරමින් තානාපතිවරිය මේ බව පැවසීය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මෙලෙස සුබ පැතුම් එක්කර තිබු අතර ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව ඉද්රියේදී වැඩකටයුතු කිරීමට බලාපොරොත්තු වන බව තානාපතිවරිය මෙහිදී සඳහන් කර ඇත.

Read more

Local News