නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය.
මෙම හමුව ජනාධිපතිවරයා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය.
පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව ජනාධිපතිතුවරයා වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.



