ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පළමුවරට මහනුවර ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිතයි.
අද උදෑසන ජනාධිපතිවරයා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙණේ දී රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහානාහිමි බැහැදැකීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයා අද පස්වරුවේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි බැහැ දැකීමට ද නියමිත බවට වාර්තා වෙයි.



