හෙරොයින් සමඟ තිදෙනෙක් ජා ඇල දී අල්ලයි

Share

ජා ඇල-මාඑළිය, ඇවරියවත්ත ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 180ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

ධාවනය වු ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කිරීමේ දී එහි ගමන් කල පුද්ගලයින් තිදෙනෙකු සන්තකයේ තිබී හෙරොයින් සමඟ ත්‍රිරෝද රථය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් 22, 21, 26 යන වයස් වල පසුවන්නන් වෙයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ජා ඇල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

Read more

Local News