ගල්නෑව, සියඹලෑව ප්රදේශයේදී ගෙල සිරකර අවුරුදු 03යි මාස 04ක් වයසැති කුඩා දැරියක් ඝාතනය කර තිබේ.
තම මිත්තනිය සමඟ සිටි කුඩා දැරියක් අතුරුදන්ව ඇති බවට ඊයේ (19) ගල්නෑව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි.
අදාල දැරියගේ දෙමාපියන් රැකියාවට ගොස් ඇති බැවින් ඇය දහවල් කාලය මිත්තනිය සමඟ ගත කරන අතර එම කාලයේ සෑම දිනකම අදාල දියණිය අසල්වාසී නිවසකට රැගෙන යන බවට පොලිසිය සිදු කළ විමර්ශවලදී අනාවරණ වී ඇත.
පොලිසිය විසින් එම නිවස පරික්ෂාවට ලක් කර ඇති අතර එහිදී පොහොර උරයක දමා ගැට ගසා නිවස අසල තිබූ ළිදක සිටියදී දැරිය සොයාගත් බව පොලිසිය පැවසීය.
අසල්වැසි 22 හැවිරිදි කාන්තාවක විසින් ගෙල සිරකිරිමෙන් ඝාතනය සිදු කර ඇති බව කාන්තාවගෙන් සිදු කළ ප්රශ්න කිරිම්වලදී අනාවරණය වී තිබේ.



