ජනපතිගේ පළමු විදෙස් සංචාරය ඉන්දියාවට

Share

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනාව පිළිගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මස 29 වෙනිදා ඉන්දියාවේ සංචාරය කිරිමට නියමිතව තිබේ.

නව ජනාධිපතිවරයා සිය ධුරයට පත්විමෙන් පසු සිදුකරනු ලබන පළමු විදෙස් සංචාරය මෙය වෙයි.

ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ පණිවිඩයක් රැගෙන ඊයේ (19) දිවයිනට පැමිනි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු ධුත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව මුණ ගැසී තිබේ.

එම අවස්ථාවේදි ඉන්දිය අගමැතිවරයාගේ ආරාධනාව පිලිගනිමින් තමන් නොවැම්බර් 29 වෙනිදා ඉන්දියාවට පැමිණෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

Read more

Local News