මෝටර් රථයක පාපැදියක් ගැටී අයෙක් මරුට

Share

යාපනය-කන්කසන්තුරය මාර්ගයේ කොකුවිල් හන්දියේ දී කන්කසන්තරය දෙසට ධාවනය වු කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පා පැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු පා පැදිකරු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 49ක් වු කොකුවිල් ප්‍රදේශයේ පදිංචි අයෙක් බව ‌පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර යාපනය පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News