රවී ගැන සිදු කරන පරීක්ෂණවල ප්‍රගති වාර්තාවක් දෙන්නැයි රහස් පොලීසියට නියෝගයක්

Share

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සොයාබැලූ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් පෙබරවාරි මස 20 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසියට නියෝග කළේය.

මෙම පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එම විමර්ශනයට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ලබන පෙබරවාරි මස 20 වනදා කැඳවීමට නියම කළේය.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය රහස් පොලීසියට නියෝග කළේය.

Read more

Local News