පොලීසියේ 16කට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම්

Share

ඉහළ පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට නව පත්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම් වික්‍රමසිංහ මහතාට මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව නැගෙනහිර පළාතේ රාජකාරී ආවරණයද පවරා තිබේ.

මීට අමතරව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එල්.එස් පතිනායක, ඩබ්ලිව්.එම් .එම් වික්‍රමසිංහ, ආර්.එම්.එන්.ජී. ඕ පෙරේරා, ඊ.එම්.යු. වී ගුණරත්න, කේ.එන්.ජේ වෙදසිංහ, ඩී.ජේ පලිහක්කාර, එල්.කේ.ජේ.ජී එස්. පීරිස් සහ එල්.පී.එස්.පී සඳුන්ගහවත්ත යන මහත්වරුන්ට ස්ථාන මාරුවීම් සහ නව රාජකාරී පවරා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු සහ සහකාර පොලිස් අධීකාරීවැරුන් පස් දෙනෙකුද ස්ථාන මාරුවීම් කර තිබේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස මාරුකර යවා තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් පරිසර කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතා පත් කර ඇති බවයි වාර්තා වෙයි.

Read more

Local News