ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි අවසන් ශ්‍රේෂ්ඨම නායකයා දිවංගත හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය පවසයි.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරිය මේ බව පැවසීය.
තමා සහ විජය කුමාරතුංග මහතා දි.මු ජයරත්න මහතාට ඉතා සමීපව කටයුතු කළ බවත් ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ලෙසකවත් හානි නොකළ පුද්ගලයෙකු බවත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය පවසයි.
දි.මු ජයරත්න මහතාගේ අභාවය දේශපාලන ක්ෂේත්‍රයට විශාල පාඩුවක් වනු ඇති බව ඒ මහත්මිය වැඩිදුරටත් පැවසීය.



