එළවළු මිල අඩුවෙයි

Share

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය අධික වීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතිි බව ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසයි.

මේ දිනවල වැඩි වශයෙන් පහතරට එළවළු වර්ග ලැබෙන බව බව ගොවීන් සඳහන් කළේය.

පසුගිය දින තුනක කාලයක සිට රුපියල් 20 සිට රුපියල්  40 දක්වා මිලකට බෝංචි මිල පහත වැටීමත් සමඟ සමස්ත එළවළු මිල පහත වැටීම සිදුවන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙයි.

කැරට්, ලීක්ස්, බීට් යන එළවළු වර්ග කිහිපය හැරෙන්නට අනෙකුත් සෑම එළවළුවක්ම රුපියල් 10 සිට රුපියල් 50 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි වීම සිදු කෙරෙන බවත් බොහෝ එළවළු අලෙවි නොවන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙයි.

Read more

Local News