කොළඹ ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

Share

කැලණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද (24) පෙරවරු 8.00 සිට හෙට (25) උදෑසන 8.00 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ඒ අනුව කටුනායක, සීදුව, ජා ඇල නගර සභා බල ප්‍රදේශ සහ වත්තල, මාබෝල නගර සභාවේ කොටසක් වන මාබෝල ප්‍රදේශයට ජල සැපයුම අදාළ කාලය තුළ අත්හිටුවනු ඇති.

මේ අතර ඊයේ සිට ජල සැපයුම අත්හිටුවා තිබෙන කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද පෙරවරු 9.00ට යළි සක්‍රීය කිරීමට නියමිතව ඇත.

Read more

Local News