නයිනමඩු රක්ෂිතයේ අනවසර කැණීම් කළ 6ක් අත්අඩංගුවට

Share

නයිනමඩු රක්ෂිතයේ අනවසර කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (23) රාත්‍රී පොලීසිය සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙනඇති අතර එහිදි තවත් අයෙකු පළාගොස් ඇති බව වාර්තා වේ.

සැකකරුවන් විසින් නිධන් ලබාගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදුකර ඇති බවට සැකකෙරෙන බව පොලීසිය පැවසිය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එක් අයෙකු පුනරුත්තාපනය ලැබූ හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයෙකු ද වෙයි.

ඔවුන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News