ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර 2019 නොවැම්බර් 27 දින වනවිට මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම නිසා විශේෂයෙන් දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව. 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වර්ෂාපතනයන්ද ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළ් වේගයේ විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



