අහුන්ගල්ල-බලපිටිය ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුරදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (24) සවස අදාළ ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති ෆේස්බුක් සාදයේදී අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණයින් 25 දෙනෙකු සහ තරුණියන් 03 දෙනෙකු වන බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තතේ අවුරුදු 17ත් 30ත් අතර වයසේ පසුවන අය බව පොලීසිය සඳහන් කළේය.
සැකකරුවන් 13 දෙනෙකු සතුව තිබී ගංජා තොගයක් අහුන්ගල්ල පොලීසිය විසින් සොයාගෙන ඇත.
ගංජා ළඟ තබා ගෙන සිටි සැකකරුවන් හැර අනෙක් සැකකරුවන්ට පොලීස් ඇප ලබාදී ඇති අතර, එම සැකකරු 12දෙනා අද (25) බලපිටිය මහේස්ත්‍රාත් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



