ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම හෙට (26) දිනයේ පැවැත්වීමට නියමිතයි.
ජනාධිපතිවරණයෙන් අනතුරුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ 15 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් තාවකාලිකව පත්කිරීමට පියවර ගනු ලැබුවේය.
නව ජනාධිපතිවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමෙන් අනතුරුව පවත්වන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙයයි.



