ඌව කුඩාඔය පොලිසිය විසින් බලහරුව ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමක දී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා හේන් දෙකක් වටලා ඇත.
ගුවන් හමුදාව මගින් උඩුගුවනේ සිට ලබාගත් දර්ශන පොලිසියට ලබාදීමෙන් අනතුරුව ඌව කුඩාඔය පොලිසිය මෙම වැටලීම සිදුකර තිබේ.
දුෂ්කර මෙහෙයුමකින් අනතුරුව මහ වනයක් මැද ඉතා සරුවට වගාකර තිබූ මෙම ගංජා හේන් දෙක පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
එක් ගංජා හේනක් අක්කර දෙකහාමාරක භූමි ප්‍රමාණයක සහ අනෙක් හේන අක්කර භාගයක පමණ ප්‍රදේශයක වගා කර තිබූ බව සඳහන්.
එම ගංජා හේන්වල තිබී උස අඩි හයකට ආසන්න ගංජා පැල ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් විසින් විනාශ කර ඇති අතර එවායේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලිසිය පවසයි.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවන් එහි සිට නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇත.



