බකමුණේ නිවසක් අසල ඉඩමක මනුෂ්‍ය ඝාතනයක්

Share

බකමුණ – අත්තනකඩවල ප්‍රදේශයේ නිවසක් අසල ඉඩමේ පුද්ගලයෙකු ලේ ගලන තුවාල සහිතව වැටී මියගොස් ඇති බවට බකමුණ පොලීසියට ලද පණිවිඩයක් අනුව විමර්ශන පවත්වා ඇත.

මෙසේ මියගොස් සිට ඇත්තේ වයස අවුරුදු 46 ක් වු අංක 235, යාය 26, අත්තනකඩවල ලිපිනයේ පදිංචි සේනාධීර පොල්වත්තලාගේ අනුර සේනාධීර නැමැත්තෙකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ ඇති අතර, මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) සිදු කිරිමට නියමිතයි.

Read more

Local News