බලංගොඩ සහ රත්නපුර ප්‍රදේශවල දී නීති විරෝධි ලෙස කැණීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බලංගොඩ විල්ලගහඅරාව ප්‍රදේශයේදී කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් 07 දෙනෙකු කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම රත්නපුර, හිදැල්ලන ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස කැණීම් කටයුතු සිදුකරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.



