CID නිලධාරින් 704 කට විදේශගත විම තහනම්

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද (25) දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ .

ඒ අනුව මෙම නිවේදනය අද දින අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබි තිබූ අතර, මේ වනවිට එම නාම ලේඛන පරිගණකගත කිරීමට පියවර ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා තම දෙපාර්තමේන්තුව දැනුවත් නොකර සිය දරු පවුල ද සමඟින් ඊයේ (24) දින දහවල් රටින් පිටවී යෑමෙන් පසු මෙම නියෝගය පනවා තිබේ.

Read more

Local News