සිරවී සිටි‍ කැස්බෑවන් 25ක් නාවික හමුදාව බේරා ගනී

Share

නාවික හමුදාව විසින් ඊ‌යේ (24) දින මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙයෙහුමකදී ජා‍කොටු තුල සිරවී සිටි කැස්බෑවන් 25 දෙනෙකු මුදා ගැනීමට කටයුතු කෙරුණි.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් මන්නාරම, තාල්පාඩු සහ සවුත්බාර් අතර මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ මෙහෙයුමකදී ධීවරයින් විසින් අටවන ලද ජාකොටු කිහිපයක් තුල සිරවී සිටි කැස්බෑවන් කිහිපදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම කැස්බෑවන් ඉන් මුදවා ගැනීමට පියවර ගෙන ඇත.

එහිදී කැස්බෑවන් 25 දෙනෙකු ආරක්‍ෂිතව සාගරයට මුදා හැරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

තවද, වඳවී යන සත්ව විශේෂයක් ලෙස නම් කර ඇති කැස්බෑවන් වර්ග 07 ක් ලොව පුරා දැකිය හැකි වන අතර, එයින් වර්ග 05 කට අයත් කැස්බෑවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී දැක බලා ගත හැකිය.

Read more

Local News