ඉදිරියේ දී වැස්ස වැඩි ‌වෙයි

Share

ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වනවිට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර අනිද්දා(27) වනවිට මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එම නිසා විශේෂයෙන් දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැක.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, නැගෙනහිර, ඌව, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.100ට වැඩි තද වර්ෂාපතනයන්ද මධ්‍යම පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

Read more

Local News