හෙට සිට වැස්ස වැඩියි

Share

දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්ත්වයේ තවදුරටත් වැඩි වීමක් හෙට (27) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊසානදිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර හෙට වන විට මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරයි.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන ප.ව.1‍‍.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

සබරගමුව, බස්නාහර, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75-100 ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකියි.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වල සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර 40-50 දක්වා වැඩි විය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික සුළං ද ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News