ඉන්දීය නිරීක්ෂක් ත්‍රිකුණාමල වරායට එයි

Share

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා ඊයේ (25) ත්‍රිකුණාමලය වරායට ‍සේන්දු විය.

එහිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී වන කොමාන්ඩර් බීකේ ප්‍රසාන්ත් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

එහිදි  ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

ඒ අනුව පුහුණු සංචාරය නිමා කිරිමෙන් අනතුරුව දෙසැම්බර් 03 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

Read more

Local News