විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩු වැඩිදුර විභාගය පෙබරවාරි මස 05 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
එම නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරුවරයා නියෝග කළේ නඩු විභාගය පෙබරවාරි මස 05 වනදා සිදු කරන බවයි.
පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ විනිමය හා සුරැකුම්පත් කොමිසමට අයත් රුපියල් ලක්ෂ 50ක මුදලක් “තාරුණ්‍යට හෙටක්” සංවිධානයේ කටයුතු සඳහා ලබා දීම තුළින් රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දම්මික පෙරේරා සහ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු වන රොනී ඊබ්‍රහිම් යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.



