යාපනයේ දී නගර පිරිසිදු කිරීමේ විශේෂ වැඩසටහනක්

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නගර පිරිසිදු කිරීමේ වැඩසටහනට සමගාමීව විශේෂ වැඩසටහනක් අද(26) යාපනය නගරයේ දී දියත් කෙරිණි.

දිවයිනේ සියලූ නගර සුන්දර ස්ථාන බවට පත්කිරීමේ වැඩසටහන සිය ධූරයට පත් වීමත් සමඟ ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාවට නැංවිණි.

මීට සමගාමීව බොහෝ නගරවල මංමාවත් පිරිසිදුකර තිබෙන අයුරු දැක ගන්නට ලැබුණු අතර ඉහළ ජනතා සහභාගිත්වයක් ඒ සඳහා ලැබීම විශේෂත්වයකි.

පොලිස් පරිසර ආරක්ෂක ඒකකයේ ඍජු මැදිහත් වීමෙන් සෞඛ්‍ය පරීක්ෂකවරු හා නගරසභා කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහනට යාපනය නගරාධිපති එමානුවල් ආනෝල්ඩ්, නාගරික කොමසාරිස් ජෝකිලන් යන මහත්වරුන් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ සාමාජිකයකු වූ යාපනය නගරාධිපති එමානුවල් ආනෝල්ඩ් මහතා මෙම වැඩසටහන සමඟ සක්‍රීයව එක්ව සිටින අතර, ඒ මහතා අදහස් දක්වමින් කියාසිටියේ අඛණ්ඩ කැපවීමෙන් යුතුව වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

මෙසේ පිරිසිදු කරන පරිසරය ආරක්ෂා කර ගැනීමත්, එම පිරිසිදුකම පවත්වා ගෙන යෑමත් පුරවැසියන් වන අප සියලූ දෙනාගේම වගකීමක් වනු ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

Read more

Local News