නව ආණ්ඩුවේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද (27) දිවුරුම් දීමට නියමිතයි.
අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ද අද සිදු කිරිමට නියමිතයි.



