O/L හෙටින් ආරම්භ ව‌ෙයි

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (2) ආරම්භ වෙයි.

හෙට උදෑසන 8.30ට විභාග ආරම්භ වන අතර පැය භාගයකට ප්‍රථම විභාග මධ්‍යස්ථාන වෙත විභාග අපේක්ෂකයින් පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් අනන්‍යතා සහතිකයක් ඉදිරිපත් කළ යුතු වෙයි.

විභාග සම්බන්ධ ගැටලුවක් වන්නේ නම් 1911 අංකයට ඇමතුමක් ලබාදෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

මෙවර විභාගය සඳහා සිසුන් හත් ලක්ෂ 17000ක් පමණ ලියාපදිංචි වී සිටියි.

Read more

Local News