දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට (විශේෂයෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල) මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන් ද මධ්‍යම, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් මි.මී. 75-100ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.



