ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම අද (2) උදෑසන වන විට විවෘත කළ බව ඉගිනිමිටිය ප්රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු එච්.එල් .සී. පුෂ්පකුමාර මහතා පවසයි.
2016 මැයි මාසයේ වාන් දොරටු විවෘත කිරීමෙන් පසුව වසර තුනකට පසු මෙවර ජල මට්ටම ඉහළ යාමත් සමග වාන් දොරටු විවෘත කිරීම සිදුවු බවද ඒ මහතා පැවසීය.
මේ වන විට පවතින අධික වර්ෂා තත්වය හේතුවෙන් ඉගිනිමිටිය ජලාශයට ඉහළින් පිහිටි අඹකොළ වැව ජලාශය වාන් දැමීමත් සමග ඉගිනිමිටිය ජලාශයේ ජල මට්ටම පවත්වාගෙන යාමේ අරමුණින් වාන් දොරටු හයම විවෘත කිරීමට කටයුතු කළ බව ප්රාදේශීය ඉංජීනේරුවරයා පවසයි.