වත්තල අවට තැන් කිහිපයකට වතුර නෑ

Share

වත්තල හේකිත්ත මාර්ගයේ ප්‍රධාන ජල නළයක හටගත් හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හේකිත්ත, පල්ලියවත්ත, ඇළකන්ද, බලගලවත්ත, මරදානපාර, වැලිඅමුණ, ඇළකන්ද පාරේ කොටසකට සහ හැඳල පාර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇත.

Read more

Local News