අමාත්‍ය මණ්ඩලය අද (04) පස්වරු 04.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිත බව අමාත්‍ය මණ්ඩල ලේකම් එස්.අමරසේකර මහතා පවසයි.
නව ආණ්ඩුව පත් වීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වන දෙවන අවස්ථාව මෙය වේ.
මෙහිදී රජයේ නව වැඩපිළිවෙලට අදාල තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව වාර්තා වේ.



