බලපත්‍ර කොන්දේසි කඩකරමින් කුඩා ප්‍රමාණයේ කටු පොකිරිස්සන් රැස් කල ස්ථානයක් ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශය එහි රඳවා තිබු ලක්ෂ 20කට ආසන්න වටිනාකමකින් යුත් සජීවි කුඩා පොකිරිස්සන් තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
මීගමුව කැපුම්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම ස්ථානය කටු පොකිරිස්සන් එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසත් එසේම විදේශ රටවලට කටු පොකිරිස්සන් අපනයන කරන කරනු ලබන ස්ථානයක් ලෙස ද පවත්වාගෙන ගොස් ඇති බව ධීවර විමර්ශන නිලධාරින් පවසා තිබේ.
ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාට ලැබුණ තොරතුරක් මත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ විමර්ශන අංශය මෙම වැටලීමට එක්ව ඇත.
කටු පොකිරිස්සන් සම්බන්ධ නියෝග මාලාව කඩ කරමින් සෙන්ටි මීටර් 6ට අඩු කටු පොකිරිස්සන් නීති විරෝධි ආකාරයෙන් ටැංකි තුළ රඳවා ගැනීමේ චෝදනාව මත අදලා ස්ථානය වටලා කටු පොකිරිස්සන් 500 කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් කුඩා කටු පොකිරිස්සන් තොගය ආරක්ෂිතව රදවාගෙන මුදා හැරීමට කටයුතු කරන බව විමර්ශන නිලධාරින් පවසා ඇත.



