හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 13 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන ඇත.
පානදුර, ගල්කිස්ස, හොරණ, රත්ගම, හම්බන්තොට සහ තංගල්ල යන ප්‍රදේශවල සිදුකරන ලද වැටලීම්වල දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එහිදී ඔවුන් සතුව තිබී හෙරෙයින් ග්‍රෑම් 20 කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලීසිය වෙත භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.



